Blogroll

Flag Counter
raju 0725305555. Powered by Blogger.

Popular Posts

Posted by Unknown Wednesday, March 5, 2014 0 comments


පරිගනක දෘඩාංග සම්බන්දයෙන් වැඩ කරන අය ලග තිබිය යුතුම මෘදුකාංගයක් තමයි Symantec Ghost කියන්නෙ. ඉතින් ඔයාල බලයි මේකෙන් මොකක්ද කරන්න පුලුවන් කියලා අපිට පුලුවන් මේ මෘදුකාංගය භාවිතා කරලා හාඩ් ඩිස්ක් එකක් තියන සියලුම දත්තයන් තවත් හාඩ් ඩිස්ක් එකක්ට කිසිම වෙනසක් නැතුව කොපි කරගන්න. අපි මේකට කියන්නේ clone කරනව කියලා.

තව පැහැදිලි කරන්නම් පරිගනකයකට මෙහෙයුම් පද්දතියක් ස්තාපනය කරනවා. ඊලගට ඒ මෙහෙයුම් පද්දතියට අදාලව drivers ස්තාපනය කරනව. අපිට බාවිතා කරන්න් අවශයය වන සියලුම මෘදුකාංග ස්තාපනය කරනවා. ඉතින් අවසානයේ හොද ක්‍රියාකාරීත්වයෙන් යුත් පරිගනකයක් අපට ලැබෙනවා ඉතින් මේ ආකාරයෙන් හැම දේම ඉවර කරන්න අපිට අඩුම තරමින් පැය 2ක් වත් ගතවෙනවා. ඉතින් ඒ අතර වෙන වෙන මෘදුකාංග ගැටලු මතු උනොත් තවත් කාලය ගත වෙනවා හරි, මේ වගේ පරිගනක 5ක් දවසකට හදන්න තියනවා නම් අපි මේ මුලින් කියපු හැමදේම පස් වතාවක් කරන්න ඕනේ. අපරදේ කාලය  ගතවෙන වැඩක් නේද? මන් මෙ කියන්න් යන මෘදුකාංගයෙන් ඒ වැඩේ අඩුම කාලයකින් කිසි අවුලක් නැතුව කරගන්න පුලුවන්. 

අපිය ඕනේ වෙන්නෙ සියලුම මෘදුකාංග ස්තාපනය කල 100% වැඩ කරන හාඩ් ඩිස්ක් එකක් හා Symantec Ghost  මෘදුකාංගය පමනයි. 

ගෝස්ට් බාගන්න
ඉතින් මේක බාගෙන පරිගනකයට ස්තාපිත කරගන්න. ඊලගට හොදින් වැඩ කරන හාඩ් ඩිස්ක් එකත් පරිගනකයට සම්බන්ද කරගන්න. අපි මුලින්ම ගෝස්ට් ඉමේජ් එකක් හදා ගන්නා ආකරය බලමු 

මේකයි මේ මෘදුකාංගය ඕපන් කලාම එන වින්ඩෝ එක. ඉතින් අපිට පුලුවන් මේ මැසේජ් එක ඕකේ කරලා ඊලගට කොටසට යන්න. 

local > disk > to Image කියන පාරේ ගියාම අපිට පුලුවන් අලුත් ඉමේජ් එකක් හදා ගන්න. 
මෙතනදි අපිට කොපි කරගන්න ඕනේ හාඩ් ඩිස්ක් එක තෝරන්න එනවා. අදාල හාඩ් ඩිස්ක් එක තෝරලා ඕකේ කරන්න. ඊලගට අපි කොපි කරගන්න යන ඉමේජ් එක සේවු කරන්නෙ කොහෙටද කියලා අහනවා එතනදි ඔයාලට කැමති ස්තානයක් තෝරලා දෙන්න් පුලුවන්. 
ඊලගට ලැබෙන්නේ කොපි කරන අතර දාරිතාවය අඩු කරන්නද කියල අහන පනිවිඩය ඉතින් මේකට High යනාදී වශයෙන් ලබා දෙන්න. 
ඉන්පඩු ඉමේජය කොපි වීම ආරම්බ වෙනවා. විනාඩි 10 වගේ අඩු කාලයකදී ඉමේජය කොපි වී සම්පූර්න වෙනවා. ඉතින් ඊලගට තියෙන්නෙ මේ හදාගත් ඉමේජය වෙන හාඩ් ඩිස්ක් එකකට කොපි කරන එකයි. ඒකත් හරිම ලේසියි. මුලින්ම ගෝස්ට් මෘදුකාංගය ඕපන් කරගන්න 
අපිට මේ සදහා පහත මාර්ගය අනුගමනය කරන්න පුලුවන්.. 
Local > Disk > From Image 
මෙතනදි අපි කලින් හදා ගත්ත ඉමේජ් එක සේවු කරගත්ත තැන තෝරලා දෙන්න ඕනේ. 

ඊලගට කොපි කරගන්න ඕනේ ඉමේජ් එක 100% වෙනකන් කොපි වෙනව. හැබෙයි විනඩි 5ක් වත් යන්නෙ නෑ. කලින් පැය ගානක් තිස්සේ ස්තාපනය කරපු මෙහෙයුම් පද්ද්තිය ඩ්‍රයිවර්ස් සියලුම මෘදුකාංග සියල්ලම  එක්ක අඩුම කාලෙකින් වැඩේ කෙරෙනවා ඉතින් මේ හදාගත්ත ඉමේජ් එක තියනකන් හාඩ් ඩිස්ක් 1000 කට උනත් බය නැතුව ගහන්න පුලුවන්. 
උත්සාහා කරලා බලන්න.. සුබ දවසක්..!   උපුටා ගැනිම helpitlanka.blogspot.com අඩවීයෙන්

| edit post


පරිගනක දෘඩාංග සම්බන්දයෙන් වැඩ කරන අය ලග තිබිය යුතුම මෘදුකාංගයක් තමයි Symantec Ghost කියන්නෙ. ඉතින් ඔයාල බලයි මේකෙන් මොකක්ද කරන්න පුලුවන් කියලා අපිට පුලුවන් මේ මෘදුකාංගය භාවිතා කරලා හාඩ් ඩිස්ක් එකක් තියන සියලුම දත්තයන් තවත් හාඩ් ඩිස්ක් එකක්ට කිසිම වෙනසක් නැතුව කොපි කරගන්න. අපි මේකට කියන්නේ clone කරනව කියලා.

තව පැහැදිලි කරන්නම් පරිගනකයකට මෙහෙයුම් පද්දතියක් ස්තාපනය කරනවා. ඊලගට ඒ මෙහෙයුම් පද්දතියට අදාලව drivers ස්තාපනය කරනව. අපිට බාවිතා කරන්න් අවශයය වන සියලුම මෘදුකාංග ස්තාපනය කරනවා. ඉතින් අවසානයේ හොද ක්‍රියාකාරීත්වයෙන් යුත් පරිගනකයක් අපට ලැබෙනවා ඉතින් මේ ආකාරයෙන් හැම දේම ඉවර කරන්න අපිට අඩුම තරමින් පැය 2ක් වත් ගතවෙනවා. ඉතින් ඒ අතර වෙන වෙන මෘදුකාංග ගැටලු මතු උනොත් තවත් කාලය ගත වෙනවා හරි, මේ වගේ පරිගනක 5ක් දවසකට හදන්න තියනවා නම් අපි මේ මුලින් කියපු හැමදේම පස් වතාවක් කරන්න ඕනේ. අපරදේ කාලය  ගතවෙන වැඩක් නේද? මන් මෙ කියන්න් යන මෘදුකාංගයෙන් ඒ වැඩේ අඩුම කාලයකින් කිසි අවුලක් නැතුව කරගන්න පුලුවන්. 

අපිය ඕනේ වෙන්නෙ සියලුම මෘදුකාංග ස්තාපනය කල 100% වැඩ කරන හාඩ් ඩිස්ක් එකක් හා Symantec Ghost  මෘදුකාංගය පමනයි. 

ගෝස්ට් බාගන්න
ඉතින් මේක බාගෙන පරිගනකයට ස්තාපිත කරගන්න. ඊලගට හොදින් වැඩ කරන හාඩ් ඩිස්ක් එකත් පරිගනකයට සම්බන්ද කරගන්න. අපි මුලින්ම ගෝස්ට් ඉමේජ් එකක් හදා ගන්නා ආකරය බලමු 

මේකයි මේ මෘදුකාංගය ඕපන් කලාම එන වින්ඩෝ එක. ඉතින් අපිට පුලුවන් මේ මැසේජ් එක ඕකේ කරලා ඊලගට කොටසට යන්න. 

local > disk > to Image කියන පාරේ ගියාම අපිට පුලුවන් අලුත් ඉමේජ් එකක් හදා ගන්න. 
මෙතනදි අපිට කොපි කරගන්න ඕනේ හාඩ් ඩිස්ක් එක තෝරන්න එනවා. අදාල හාඩ් ඩිස්ක් එක තෝරලා ඕකේ කරන්න. ඊලගට අපි කොපි කරගන්න යන ඉමේජ් එක සේවු කරන්නෙ කොහෙටද කියලා අහනවා එතනදි ඔයාලට කැමති ස්තානයක් තෝරලා දෙන්න් පුලුවන්. 
ඊලගට ලැබෙන්නේ කොපි කරන අතර දාරිතාවය අඩු කරන්නද කියල අහන පනිවිඩය ඉතින් මේකට High යනාදී වශයෙන් ලබා දෙන්න. 
ඉන්පඩු ඉමේජය කොපි වීම ආරම්බ වෙනවා. විනාඩි 10 වගේ අඩු කාලයකදී ඉමේජය කොපි වී සම්පූර්න වෙනවා. ඉතින් ඊලගට තියෙන්නෙ මේ හදාගත් ඉමේජය වෙන හාඩ් ඩිස්ක් එකකට කොපි කරන එකයි. ඒකත් හරිම ලේසියි. මුලින්ම ගෝස්ට් මෘදුකාංගය ඕපන් කරගන්න 
අපිට මේ සදහා පහත මාර්ගය අනුගමනය කරන්න පුලුවන්.. 
Local > Disk > From Image 
මෙතනදි අපි කලින් හදා ගත්ත ඉමේජ් එක සේවු කරගත්ත තැන තෝරලා දෙන්න ඕනේ. 

ඊලගට කොපි කරගන්න ඕනේ ඉමේජ් එක 100% වෙනකන් කොපි වෙනව. හැබෙයි විනඩි 5ක් වත් යන්නෙ නෑ. කලින් පැය ගානක් තිස්සේ ස්තාපනය කරපු මෙහෙයුම් පද්ද්තිය ඩ්‍රයිවර්ස් සියලුම මෘදුකාංග සියල්ලම  එක්ක අඩුම කාලෙකින් වැඩේ කෙරෙනවා ඉතින් මේ හදාගත්ත ඉමේජ් එක තියනකන් හාඩ් ඩිස්ක් 1000 කට උනත් බය නැතුව ගහන්න පුලුවන්. 
උත්සාහා කරලා බලන්න.. සුබ දවසක්..!   උපුටා ගැනිම helpitlanka.blogspot.com අඩවීයෙන්

| edit post





හම්මේ ගොඩාක් කාලෙකින් නේ තොරතුරු තාක්ෂණ ලිපියකින් හමුවුණේ.මේ දවස්වල ගොඩාක් වැඩ තිබුණා.අනික මොකක්ද දෙන්නෙ කියල හිතාගන්න බැරුව හිටියේ.කොහොමහරි හිතල හිතල ඔයාලට අවශ්‍යම ටියුට් එකක් උගන්නන්න හිතාගෙනයි මේ ලිපියට අතගැහුවේ.වැඩිය කතානැතුව වැඩේට බහිමු.

උපසිරැසි සැකසීම

මේක ඔයාලට කරන්න වෙන දෙයක්.මුලින්ම කරන්න තියෙන්නෙ චිත්‍රපටයක ඩිජිටල් පිටපතක් සොයාගන්න එක.ඔයාලට කරන්න තියෙන්නෙ කඩවල් වල තියෙන ඔනෑම චිත්‍රපට ඩීවීඩී එකක් අරගෙන එය පරිගනකයට කොපි කරන එක.සාමාන්‍යෙයන් සෑම චිත්‍රපට ඩීවීඩී එකකම ඩිජිටල් පිටපත තියනවා.හැබැයි ඒ පිටපත වින්ඩෝස් මීඩියා ප්ලෙයරයේ දාවනය වෙනවද කියල තහවුරු කරගන්න ඕන.ඒ කියන්නෙ කම්පැටිබල් ෆයිල් ෆෝමැට් එකකින් තිබේදැයි තහවුරු කරගන්න එක.එහෙම වැඩ කළේ නැති වුනොත් වෙනත් ෆෝමැට් එකකින් එය වැඩ කළ යුතුය.එය පරීක්ෂා කර බැලීම සදහා නොමිලේ දෙන වී එල් සී මීඩියා ප්ලෙයරය (videolan.org/vlc/index.html) නැත්නම් ජෙට් ඕඩියෝ ප්ලෙයරයද (jetaudio.com/download) එසේත් නොවේනම් කේඑම් ප්ලෙයරයද (kmpmedia.net) ඔය දී ඇති ලින්ක් වලට ගිහිල්ල ඩවුන්ලෝඩ් කර ගන්න.ඩවුන්ලොඩ් කරගෙන එය ධාවනය වෙනවද කියල තහවුරු කරගන්න.

ඊට පස්සෙ කරන්න තියෙන්නෙ චිත්‍රපටයේ ඉංග්‍රීසි උප සිරැසි සොයාගන්න එක.පමණක් චිත්‍රපට ඇතුළත් ඩීවීඩී වල නම් එම චිත්‍රපටයේ ඉංග්‍රීසි උප සැරැසි තියනවා.මම මේ කියන්න යන්නෙ එහෙම ඩීවීඩී වල නැති අයට ඒක කොහොමද හොයා ගන්නෙ කියලා.ඒ සදහා (subscene.com) හෝ (opensubtitles) යන වෙබ් අඩවිවලින් උප සිරැසි ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.ඒ අඩවියට පිවුසුනාම පස්සෙ උඩ තියන සර්ච් බොක්ස් එකේ තමන්ගේ චිත්‍රපටයේ නම ටයිප් කරන්න.ඊට පස්සෙ පෙන්නන උපසිරැසි ලැයිස්තුවෙන් කැමති එකක් තොරගන්න.ඔය උපසිරැසි අතරින් Exact යටතේ ඇති උපසැරැසි ඩවුන්ලෝඩ් කරගත්තොත් හොදයි.ඩවුන්ලොඩ් වුනාම පස්සෙ ඩවුන්ලෝඩ් ෆෝල්ඩරයෙ සිප් ෆයිල් එකක් පෙන්නාවි.එය විවෘත කරගත් පසු .srt එක්ස්ටෙන්ෂන් එක යටතේ ෆයිල් එකක් පෙන්නාවි ඒක තමයි උපසිරැසි ෆයිල් එක.එය කොපි කරගෙන අප විසින් මුලින් හොයාගත්ත චිත්‍රපටයේ ඩිජිටල් කොපිය ඇති ෆෝල්ඩර් එකට කොපි කරගන්න.ඊට පස්සෙ උපසිරැසි ෆයිල් එකට චිත්‍රපටයේ මීඩියා ෆයිල් එකේම නම යොදන්න.රයිට් ක්ලික් කරල රීනේම් කරන්න.(දෙකේ පන්තියේ අයට කිව්වේ).

ඊට පස්සෙ ඩවුන්ලෝඩ් කරගත්ත උප සිරැසි ෆයිල් එක නෝට් පෑඩ් එකෙන් ඕපන් කරගන්න.ඒක කරන හැටි කියන්න වැඩක් නැහැනේ.නෝට් පෑඩ් එකෙන් ඕපන් වුනාම වෙනදට වඩා විශේෂත්වයක් දැනේවි.ඕපන් කරාම නොට් පෑඩ් එකේ උප සිරැසි ඇති පේළි,එහි 1,2,3, ආදිය වශයෙන් තිබේ.චිත්‍රපටය ධාවනයවීම ආරම්භ වූ වෙලාව 0 ලෙස සලකා ගෙවී යන කාලය සටහන් කොට තිබේ.ඊට පහළින් ඇත්තේ චිත්‍රපට රාමුවේ වේලාවකදී උප සිරැසි වශයෙන් පෙන්විය යුතු වාක්‍යයි.මෙම උප සිරැසි සටහනේ ඉලක්කම් වෙනස් නොකළ යුතුය.එහිදී කාලය දැක්වෙන කොටස්ද වෙනස් නොකළ යුතුය.වෙනස් කළ යුත්තේ ඉංග්‍රීසියෙන් දක්වා ඇති උපසැරැසි සිංහලෙන් ලියන එකයි.ඔය සිංහලට හරවන එක කරන්න පුලුවන් ඉංග්‍රීසි දන්න කෙනෙකුට විතරයි.ඔකෙදි සිංහලින් ටයිප් කිරීමට යොදාගන්න ඕන සිංහල යුනිකෝඩ් අකුරු.ඒක සියබස් වෙබ් අඩවියෙන් (siyabas.lk) ඩවුන්ලෝඩ් කරගන්න.ඔය විදියට සිංහලෙන් උපසිරැසි සකස් කරලFile මෙනු එකෙන් Save as ක්ලික් කරන්න.ඊට පස්සෙ ෆයිල් නේම් එඑකට නමක් දාන්නෙ නැතුව තියන එකම තියෙන්න දෙන්න.ෆයිල් ටයිප් එකට All Files යන්න තෝරන්න.මෙහි ඇති එන්කෝඩින් යන්නෙන් තෝරාගත යුතු වන්නේ UTF-8 යන්නය.එය සියල්ල ඉවරවුනාම සේව් කරන්න

චිත්‍රපට උපසිරැසි ඇතිව ධාවනය කිරීම

අපි කිව්වනේ සිංහල උපසිරැසි ෆයිල් එක චිත්‍රපටයේ ඩිජිටල් කොපියේ නමින්ම එම ෆෝල්ඩරේම කොපි කරන්න කියල.දැන් ඔයාල චිත්‍රපටය ඕනෑම ප්ලෙයරයකින් ධාවනය වුනාම අර සිංහල උප සිරැසිත් එක්ක පෙනේවි.මොකක්හරි වෙලා උප සිරැසි පෙනුනෙ නැතිවුනොත් ප්ලෙයරයේ සෙටිංස් වලින් සබ් ටයිට්ල් ට්රැක් එක තෝරා දීමයි.ඊට පස්සෙ තියෙන්න ෆුල් ජොලියෙ චිත්‍රපටය බලන්න.ආ තවම ඉවරනෑ.ඔයාලට ඔනනම් ඔය උප සිරැසිවල ෆොන්ට් තෝරාගැනීමද,ෆොන්ට් සයිස් තෝරා ගැනීමද,මීඩියා ප්ලෙයරයේ සෙටිංස් මගින් කළ හැක.මෙ වැඩේට පාවිච්චි කරන්න ඕන මීඩියා ප්ලෙයරය.

උපසිරසි සංස්කරණය කිරීම

අපි දැන් කියල දෙන්න යන්නෙ උපසිරැසි සංස්කරණය කරන්නෙ කොහොමද කියලා.ඕක කරන්න නම් මුලින්මwww.aegisub.org එකට පිවිසිලා ඩවුන්ලොඩ් ලින්ක් එක හරහා ඊජිසබ් මෘදුකාංහය ඩවුන්ලෝඩ් කරගන්න.ඊට පස්සෙ ඒක ඉන්ස්ටොල් කරගන්න.ඊට පස්සෙ ඒක ඕපන් කරගන්න.මේව කරන විදිය මම කියල දෙන්න ඕන නැහැනේ.

ඔන්න ඊජිසබ් මෘදුකාංගය විවෘත කරගෙන File මෙනු එකෙන් Open Subtitles යන්න ක්ලික් කරන්න.ඊට පස්සෙ අපේ උපසිරැසි ෆයිල් එක තෝරා විවෘත කරගන්න.ඊට පස්සෙ අපි ඉස්සෙල්ලා උපසිරැසි නෝට් පෑඩ් එකෙන් ඕපන් කරා වගේ මේකෙත් ඕපන් වෙලා තියේවි.මේකෙ කාල රාමු හා ඒවායේ උපසිරැසි දැක ගැනීමට හැකිවේවි.ඔතනදි උපසිරැසි වලට සිංහල යුනිකෝඩ් භාවිතා කරල වෙනම උපසිරැසි යොදන්න.එවිට ඔබට ඉංග්‍රීසි උපසිරැසි වෙනුවට සිංහල උපසිරැසි යොදාගන්නට පුලුවන්.

මේ පහළින් තියන එකකරන්න ඕන උප සිරැසි සොයාගන්න බැරි වුණ අය පමණයි.සොයා ගත්ත අය ඉහත කී ආකාරයට තටයුතු කරන්න.

අලුතින් උපසිරැසි යෙදීම

අලුතින් උප සිරැසි යොදන්නනම් චිත්‍රපටයේ ඩිජිටල් කෙපිය ඊ්ජිබස් මෘදුකාංගය ඕපන් කරගන්න ඕන.ඔපන්විත් එකෙන් ඕව දන්නවනේ.එහෙම නැත්නම් ඊජිබස් මෘදුකාංගයෙන් Video මෙනු එකෙන් Open Video යන්න ලබාගෙන චිත්‍රපටය විවෘත කරගන්න.ඊජිසබ් වින්ඩෝවේ කුඩා ප්‍රමාණයේ චිත්‍රපට හෙවත් එම වීඩියෝ පෙනේ.එසේ වීඩියෝ දැක ගත හැකි තැනට පහළින් තිබෙන Play Video Starting On This Position යන බට්න් එක ක්ලික් කරන්න.නවත්තන්න ඔන උනොත් ඒකමයි ක්ලික් කරන්නෙ.

අලුතින් උපසිරැසි යොදන කරන්න වෙන දෙයක් තමයි කාල රාමු යොදන හැටි අපි දැන් ඒක කරන්න තමයි හදන්නෙ.මුලින්ම චිත්‍රපටයේ ඩිජිටල් වීඩියෝව ඊජිබස් මෘදුකාංගයේදී ධාවනය කළ යුතය.ඉස්සෙල්ලා කිව්වනේ වීඩියෝව ධාවනය කරන හැටි.ඊට පස්සෙ එම වීඩියොව තාවකාලිකව නතර කළයුතුය.ඒ කියන්නෙ pause කියන එක.ඒක කරන හැටිත් ඉස්සෙල්ලා කියල දුන්නා.අමතක නම් මේ චේදෙට ඉස්සෙල්ලා ඡේදය කියවන්න.පෝස් කරාම පස්සෙ timing මෙනු එකෙන් snap start to video යන්න ක්ලික් කරන්න.මේ විදියට උප සිරැසි කොටසක ආරම්භවෙන වෙලාව ලබාගත් පසු එම වේලාව දක්ණු පසින් ඇති Start Time බොක්ස් එක තුළ දැක ගත හැකිය.ඊට පස්සෙ කරන්න තියෙන්නෙ උප සිරැසි කොටස අවසන් විය යුතු තැනට වීඩියෝව ධාවනය කිරීමයි.අවශය තැන නැවැත්වූ පසුව පෙන්වන්නේ අවසන් වූ තැන වෙලාවයි.එම දත්තය ලබා ගැනීම සදහා Timig මෙනු එකෙන් Snap End to Video යන්න ක්ලික් කරන්න.ඊට පස්සෙ වැඩේ ඉවරයි.

දැන් කාල රාමු හදන හැටි ඉගෙන ගත්තනේ.දැන් කියල දෙන්න යන්නෙ උපසිරැසි කොහොමද යොදන්නෙ කියලා.ඒකට දකුණු පසින් ඇති ටෙක්ස් බොක්ස් එක ක්ලික් කර උපසිරැසි ඇතුළු කරන්න.ඊට පස්සෙ යෙක්ස්ට් බොක්ස් එකට ඉහළින් ඇති Commit නම් බට්න් එක ක්ලික් කරන්න.ඊට පස්සෙ ඉස්සෙල්ලා කියල දීපු විදියට ආයෙමත් කාල රාමුවක් හදල මේ විදියට උප සිරැසි යොදන්න තියෙන්නෙ.මේක වෙලා යන වැඩක්.ඉවසීමෙන් වැඩ කරන්න.

පමණක් අය වැඩ දාන්න බලනවනේ.මේ කියල දෙන්න යන්නෙ ඒ වැඩ දාන්න කැමති අයට.දැන් අපි කියල දෙන්න යන්නෙ උපසිරැසි හැඩ ගන්වන්නෙ කොහොමද කියලා.ඒකට ටෙක්ස්ට් බොක්ස් එකේ ඉහළින් ඇති ටූල් බාර් එකේ Bold,Italic,Underline බට්න් ක්ලික් කර හැඩ ගැන්විය හැක.


වීඩියෝ එකේ ඕනෑම තැනක,ඕනෑම ෆොන්ට් සයිස් එකකින් උප සිරැසි පිහිටුවීමට පුළුවන.ඒවා කරන්න පුළුවන් ටූල් වීඩියෝ එකේ වම් පැත්තට වෙන්න උප අතට ඇති.දැන් ඒවා හදුනගනිමු.Drag Subtitles කියන එකෙන් පුළුවන් උපසිරැසි කොටස අවශ්‍ය තැනකට ඇදගෙන ගිහිල්ල තබන්න.Rotate Subtitle on their z axis මගින් පුළුවන් අපසිරැසි අවශ්‍ය පැත්තකට හරවා ගන්න.Scale subtitles on X and Y axes මගින් පුළුවන් උපසිරැසි වල ප්‍රමාණය වෙනස් කරන්න.ඒකට අවශය උපසිරැසි කොටස සිලෙක්ට් කර ,අදිමින් එහි ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන්.අර වර්ඩ් වලය් පොටෝෂොප් වලයි පොටෝ ලොකු කරන විදියට.

ඔය ඔක්කොම කළාට වැඩක් නැහැනේ උපසිරැසි සේව් කරන්න දන්නෙ නැතුව.ඒකට File මෙනු එකෙන් Save Subtitles  යන්න ක්ලික් කරන්න.ඊට පස්සෙ එන ඩයලොග් බොක්ස් එකේ සදහන් වෙනව සේව් කළ යුතු තැන.ඒකට දාන්න ඕන චිත්‍රපටයේ ඩිජිටල් කොපිය තියන ෆයිල් එක.සේව් කරන කොට චිත්‍රපටයෙ ඩිජිටල් පිටපත රීනේම් කරපු නමම යොදන්න.දැන් සේව් බටන් එක ක්ලික් කරන්න.ඊට පස්සෙ කරන්න තියෙන්නෙ චිත්‍රපටයෙ ඩිජිටල් කොපිය ප්ලේ කරන එක.ඊට පස්සෙ මේ අපි විසින් කරපු වැඩේ තමාගෙ ඇස් පනාපිටම බලාගන්න පුළුවන්.

ඔන්න දැන් තමයි හොදම වැඩේ.ඔයාලට තියෙන්නෙ පොඩි වැඩයි.රු.5000 ක් මගේ බෑන්ක් එකවුන්ට් එකට බැර කරන්න.මම ගියා.කමෙන්ට් එකක් මතකයිනේ.



උපුටා ගැනිම www.sinhapedia.com  අඩවීයෙන්

| edit post



තවම වීඩියෝ අන්තර්ජාලයට එක්කරන්න දන්නෙ නැති අය ඉන්නව ඇතිනෙ.ඔන්න ඒ වගේ අය ඉන්නවනම් මේක පොඩ්ඩක් කියවන්න.වීඩියෝ නැරඹීමට හා වීඩියෝ එක්කිරීමට පහසුව ලබාදෙන ජනප්‍රියතම වෙබ් අඩවිය වන්නේ යූටියුබ්ය.(www.youtube.com)
ඔන්න මේ සතියෙ පෝස්ටුවෙන් කියාදෙන්නේ කොහොමද වීඩියෝ මෙම අඩවියට එක් කරන්නෙ කියලා.මුලින්ම අපි යූ ටියුබ් එකවුන්ට් එකක් සාදා ගන්න ඕන.එක කරන්නෙ මෙහෙමයි.
යූ ටියුබ් වෙබ් පිටුවේ ඉහළ කෙළවරේ තියන Sign Up බට්න් එක ක්ලික් කොට Get Started With your Account වෙබ් පිටුවේ පේරමය පුරවන්න.ඒක කරන්නෙ මෙහෙමයි.Username කියන තැනට ලොගින් වෙන විට username හි පෙන්විය යුතු ඔබට අවශ්‍ය නමක් දාන්න.ඉන්පසුව Location යන්නට SriLanka යන්න තෝරන්න.වෙන රටකනම් ඉන්නෙ ඒ රටේ නම දාන්න.ඉනපසුව උපන්දිනය හා ස්ත්‍රී පුරුෂ බාවය තහවුරු කරන්න.ඉන්පසුව Current Email Adderss යන්නට ඔබගේ ඊ තැපෑලේ ලිපිනය එක්කරන්න.ඉන්පසුව සුදුසු පාස්වර්ඩ් එකක් දෙන්න.ඉන්පසුව එය නැවතත් ටයිප් කරන්න.Word Verification යන්නට දක්වා ඇති ඉමේජයේ වචන හිස්තැනේ ටයිප් කරන්න.අවසානයේදී Create New Account and Finish මත ක්ලික් කරන්න.ඉන්පසුව යූටියුබ් අඩවියෙන් ඉහත සඳහන් කළ ඊ තැපෑලට ඊ ලිපියක් යවා ඇති බව දන්වා සිටී.
ඔන්න දැන් ඊ තැපෑල විවෘත කර යූ ටියුබ් වෙබ් අඩවියෙන් එවා ඇති ඊ ලිපිය මත ක්ලික් කර එහි ඇති ලින්ක් එක මත ක්ලික් කර ඔබගේ ඊ ලිපිනය ඔබ විසින් භාවිතා කරන්න එකක්යැයි තහවුරු කරන්න.ඔයාලට තමන්ගෙ එකවුන්ට් එක විවෘත කරන්න අවශ්‍යනම් යූ ටියුබ් අඩවියට පිවිස Sign In යන බට්න් එක මත ක්ලික් කරන්න.Username හා Password ලබා දෙන්න.නැවත එයින් පිටවීමට අවශ්‍ය නම් Sign Out බට්න් එක මත ක්ලික් කරන්න.

Upload Your Own Video-

ඔන්න දැන්න තමයි නියම කොටස.යු ටියුබ් අඩවියට වීඩියෝවක් අප්ලෝඩ් කිරීමටනම් වෙබ් පිටුවේ ඉහළ ඇතිupload යන බොත්තම මත ක්ලික් කරන්න.ඉන්පසුව පහළින් ඇති Upload Video නම් බට්න් එක මත ක්ලික් කිරීමෙන් ඊළඟ වෙබ් පිටුවට පිවිසිය හැක.ඉන්පසුව එහි ඇති  Browse  බට්න් එක ක්ලික් කොට පරිගණකයෙන් අවශ්‍ය වීඩියෝව තෝරා දෙන්න.අවසානයේ පහළින් ඇති upload video නම් බට්න් එක මත ක්ලික් කරන්න.ඉන්පසුව තරමක් කාලයක් ඔබේ වීඩියෝව යූටියුබ් අඩවියට එක්වීමට ගතවෙයි.
ඉන්පසුව ලැබෙන video update ෆෝම් එකෙහි ඇති Title,Description,Video Category,Tags යන්නට සුදුසු තොරතුරු ලබා දෙන්න.
ඔබට ඔබ විසින් ඇඩ් කරපු වීඩියෝවක් යූ ටියුබ් අඩවියෙන් ඉවත් කිරීමටනම් ඒ සඳහා වෙබ් පිටුවේ ඉහම දකුණු කෙළවරේ Account මත ක්ලික් කරන්න.ලැබෙන මෙනුවෙන් My videos මත ක්ලික් කරන්න.ඉන්පසුව ලැබෙන වෙබ් පිටුවේ අප විසින් ඇඩ් කරපු සියලුම වීඩියෝ පෙන්නාවි.එහි සෑම එකක් පහළින් Remove Videoනම් බට්න් එකක් ඇති.ඔන්න ඕක ක්ලික් කරල එම වීඩියෝව ඉවත් කරන්න පුළුවන්.
සමහර අයට තමන් ඇඩ් කරපු වීඩියෝවල තොරතුරු වෙනස් කරන්න අවශ්‍ය වෙනවනේ.ඉහත සඳහන් කළ ආකාරයට My Videos( Acoount—My Videos) වෙබ් පිටුවට පිවිසෙන්න.එහි සෑම වීඩියෝවක් පහළින්ම Edit Video Info ලෙස බට්න් එකක් ඇති.එය ක්ලික් කර ඔබගේ වීඩියෝවේ තොරතුරු වෙනස් කළ හැකිය.

Annotations  පහසුකම -

මෙයින් තමන්ගේ වීඩියෝ විස්තරාත්මකව හා කලාත්මකව ඉදිරිපත් කළ හැකිය.මේ සඳහා පළමුව My Videosවෙබ් පිටුවට යන්න.එහි සෑම වීඩියෝවක් යටම Edit Annotation යන බට්න් එකක් ඇති.ඇනොටේට් කිරීම සඳහා එය මත ක්ලික් කරන්න.ඇනෝටේෂන් සඳහා භාවිතා කළ හැකි ක්‍රම තුනක් ඇත.ඒවා එකිනෙකෙන් කොහොමද ඇනොටේට් කරන්නෙ කියල දැන් අපි ඉගෙන ගනිමු.

1.ස්පීච් බබ්ල් (Speech Bubble) එක් කිරීම

යම් අයකු පවසන දෙයක් දැක්වීමට ස්පීච් බබ්ල් එක් කළ හැක.මේක කරන්නෙ මෙහෙමයි.වීඩියෝව ධාවනය වන විට අදාළ රූප රාමුවේදී නවතා ගත යුතුය.ඊට පස්සෙ Add Speech Bubble මත ක්ලික් කරන්න.එවිට ස්පීච් බබ්ල් එකක් රූප රාමුව මතට වැටේවි.ඉන්පසුව බබ්ල් එක අවශ්‍ය පරිදි ස්ථානගත කරන්න.ඒ තුළ ඇති ටෙක්ස් වෙනුවට ඔබට අවශ්‍ය ටෙක්ස් එකක් ලබා දිය හැක.එහි ඊ හිස ක්ලිප් එකෙහි පුද්ගලයා දෙසට යොමු කරවීම කළ හැකිය.වම් පස ඇති ඇනොටේෂන් ලිස්ට් එකෙන් ඇඩ් වී ඇති බව දැක හැකිය.එහි ස්පීච් එක ලෙස ලබා දුන් ටෙක්ස්ට් එකට පහළින් වේලා සටහන් දෙකකි.එහි පළමු වේලා සටහනෙන් දැක් වෙන්නේ ස්පීච් බබ්ල් එක දර්ශනය වන වේලාවයි.අනෙක් වේලා සටහනෙහි දැක්වෙන්නේ ස්පීච් බබ්ල් එක අවසන් කළ යුතු වේලාවයි.උදාහරණයක් ලෙස රූපයේ SinhaPedia ලෙස ස්පීච් බබ්ල් එක දරුශනය වේ.එහි දර්ශනය වන රූප රාමුව තත්පර 0.03 ක් කාලයක් පවතී.ඇනොටේෂන් ලිස්ට් එකේ දැක්වෙන ආකාරයට එය 0.01(0.00.01.1) දී දර්ශනය වීම අරඹා ඇත.තව දුරටත් වීඩියෝව ධාවනය වුවහොත් එම 0.10 කාලයට අයත් රාමුව පසු වූ විට දර්ශනය රූප රාමුවෙන් ඉවත් වෙනු ඇත.ඔන්න ඒ ක්‍රමය ඉවරයි.අනෙක් ආකාරයට කරන හැටි දැන් ඉගෙන ගනිමුකෝ.

2.නෝඩ් (Node) එක් කිරීම

යම් රූප රාමුවකදී  දැන්වීමක් දර්ශනය කරවීමට නෝඩ් එකතු කළ හැක.ඒ සඳහා වීඩියෝ එක ධාවනය කොට අවශ්‍ය ස්ථානයේ නවතා ගන්න.ඉන්පසුව Add Node මත ක්ලික් කරන්න.එවි නෝඩ් එකක් රූප රාමුව මත වැටේවි.නෝඩ් එක අවශ්‍ය තැනක තබා ටෙක්ස්ට් එකක් ඇතුළු කරන්න.දර්ශනය වීම ආරම්භ විය යුතු හා අවසාන විය යුතු රූප රාමු මොනවාද යන වග අදාළ වේලා සටහන්වලින් සකස් කරන්න.ඔන්න ඒකත් ඉවරයි.අනිත් එකෙනුත් කරන හැටි ඉගෙනගමුකෝ.

3.සපොට් ලයිට් (Spot Light)එක් කිරීම
.
යම් දර්ශනයක විශේෂිත ස්ථානයක් ලකුණු කිරීමට ස්පොට් ලයිට් භාවිතා කරයි.මෙය බහත නෝඩ් එක කළ ආකාරයට කළ හැක.ඉහත කුමන ආකාරයෙන් කළ ඇනොටේෂන් එකක් ඇනොටේෂන් ලිස්ට් එකේ දකුණු කෙළවරේ ඇති කතිර ලකුණ ක්ලික් කර ඉවත් කළ හැක.
අන්තිමේදී Publish බට්න් එක ක්ලික් කරාම,අප කළ ඇනොටේෂන් සමඟ වීඩියෝව නැරඹීමට හැක.මෙහි අප එක් කළ වීඩියෝ වෙන අඩවිවල කරන ආකාරයටම Share හෝ Reply කළ හැක.
එන සතියෙන් තවත් නැවුම් අත්දැකීමකින් හමුවෙමු.

| edit post

වූෂූ හඳුන්වාදීම.

Posted by Unknown Monday, February 24, 2014 0 comments





මානව පරිනාමයේදී මිනිසා සොබා දහමට මෙන්ම සමාජීය ජීවිතයට හුරුවීමේ දී සංවර්ධනය කර ගනු ලැබුවා වූ දක්ෂතාවයන් අති විශාලයි. මෙම දක්ෂතාවයන් අතර වෛද්‍ය කලාවන්, සටන් කලාවන්, කලා ශිල්ප, දර්ශනවාදයන්, ක්‍රීඩා ආදිය කැපී පෙනෙනවා. එයින් එක් දෙයක්  වන සටන් කලාව ගැන කථා කරන්නයි අපි මේ පටන් ගන්න යන්නෙ.



මානව ශිෂ්ඨාචාර සංවර්ධනයත් සමඟ මිනිසා ලද විවේකය ප්‍රීතිමත්ව ගත කිරීමට යොදා ගත්තා. සොබා දහමේ සත්වයින්ගේ අංග චලනයන් අනුකරණය කරමින්, ශරීර අංගයන් ඊ‍ට අනුව සකස් කර ගනිමින් සමූහ වශයෙන් රංගනයේ යෙදුන බව සඳහන් වෙනවා. මෙසේසත්ව ඉරියව් අනුකරණයත් සමඟ වූෂු කලාවේ චලනයන් සංවර්ධනය වූ බව ඉතිහාසයේ සටහන් වෙනවා. වූෂු කලාවේ වර්ධනයේ සන්ධිස්ථානයක් සටහන් කරන්නේ බෝධි ධර්ම හාමුදුරුවෝ. ඉන්දියාවේ රජ කෙනෙකු වූ සුගන්ධ නම් රජතුමාගේ පුතෙකු වන බෝධිධර්ම හාමුදුරුවෝ 'සෙන්' බුදුදහම ප්‍රචලිත කිරීම සඳහා ඉන්දියාවේ සිට චීනයට පැමිණුනා. අපි කවුරුත් අසා ඇති ෂාඕලින් ආරාමයේ එවකට විසූ භික්ෂූන් බුදු දහම හැදෑරීමේ සහ පුහුණු වීමේ දී දැක් වූ උදාසීනභාවය දුටු  උන් වහන්සේ එම භික්ෂූන් සඳහා මූලික ව්‍යායාම් 18 ක් හඳුන්වා දුන්නා. මෙම ව්‍යායාමයන් සහ චිත්ත අභ්‍යාසයන් වූෂු කලාවේ නව පිබිදීමකට උරුමකම් කියනවා.





මෙසේ අවුරුදු 5,000කට වැඩි කාලයක් ඇවෑමෙන් පසු වූෂු; අප ඉදිරියේ දිග ඇරෙන්නේ ලෝකයේ අති ප්‍රබලතම සටන් කලාව ලෙස ආසියාතික තරඟත්, ඔලිම්පික් තරඟත් අතරින් ශ්‍රී ලංකාවේ 44 වන ජාතික ක්‍රීඩාව ලෙසත් සෑම පාසලක් තුලින් ජාතික පාසැල් ක්‍රීඩා උළෙල කරාත් ගමන් කර හමාරයි. ඉතින් දැන් අපිට වූෂු විශිෂ්ඨ ක්‍රීඩාවක් ලෙසත් දැක ගන්නට හැකි වෙනවා. එපමණක් නොවෙයි අපේ කායික හා මානසික චලනයන් සංවර්ධනය තුලින් ශික්ෂණයට භාජනය කරන 'මානව චලන සංවර්ධන ශික්ෂණ විද්‍යාව'ක් ලෙසත්, 'රෝග නිවාරණ ප්‍රතිකාර කලාවක්' ලෙසත් හඳුනාගත හැකියි.

අප මෙම ප්‍රතිකාර කලාව ගැන ටිකක් කථා කරමු. අප වූෂු මෙතෙක් හඳුනාගන සිටියේ පුද්ගලයෙකු විනාශ කල හැකි දෙයක් විදිහට පමණයි. එහෙත් මෙය පුද්ගලයෙකු නිරෝගිමත් කල හැකි, සංවර්ධනය කල හැකි වෛද්‍ය කලාවක්ද වනවා. ඒ නිසයි වූෂු විශිෂ්ඨ සටන් කලා විද්‍යාවක් වන්නේ. වූෂු හැදෑරීමට එන ශිෂ්‍යයෙක්; ශාරීරික වශයෙන් දුබලයෙක් විය හැකියි. පෙනහලු වල,හදවතේ,වකුගඩුවල ආබාධයකින් පෙලෙන්නෙක් විය හැකිය. එහිදී ගුරුවරයාට සිද්ධවෙනවා පළමුව ඔහුව නිරෝගිමත් කරන්නට, ශක්තිමත් කරන්නට. එවිටයි අපට චීන පාරම්පරික වෛද්‍ය කලාව වැදගත් වෙන්නෙ. වූෂු ශිල්පියෙක් සම්බන්ධව චීනයේ ප්‍රචලිත කියමනක් තියෙනවා ඒ තමයි "චීන වෙද්‍ය කලාව නොදත් සටන් ශිල්පියා තනි කකුලෙන් ගමන් කරන්නෙකු වැනිය"කියලා. මෙම ප්‍රකාශයෙන්ම ඔබට වැටහෙනවා ඇති වෛද්‍ය කලාවත්, සටන් කලාවත් අතර ඇති සම්බන්ධය. අපි තනි කකුලෙන් යාමට සිතිය යුතු නොවේ. සමස්ත ලංකා වූෂු සහ චිගොන්ග් සංසදය ඔබලාට දෙපයින් ගමන් කිරීමට උපකාර වනුඇත. චීන සමාජයත් සමඟ සංවර්ධනය වූ සටන් කලාව; දියුණු සමාජීය චලන වන සන්නාලියන්, මල් නෙලන්නන්, රෙදි වියන්නන් වඩුවන්,කෝකියන්, සහ පූජකවරුන්ගේ අභිනයන් ද, කොටියා, වඳුරා, නාගයා, උකුස්සා, වන්දා වැනි විවිධ සත්ව අභිනයන් වඩා නිර්මාණශීලීව ඉදිරිපත් කිරීම තුලින් මිනිස් සිත් සතන් තුල ආනන්දයක් ජනනය කිරීමට හේතු වෙනවා. මෙසේ සොබා දහම වඩා විචක්ෂනව හැදෑරීම තුලින් වූෂු ශිල්පියාට තමාගේම නිර්මාණශීලී ශෛලියක් ලොවට හඳුන්වා දිය හැකි වෙනවා. එබැවින් ම වූෂු විශිෂ්ඨ කලාවක් ද වෙනවා.

බෝධිධර්ම හිමියන් ගේ සංක්‍රමණයත් සමඟ වූෂු සටන්කලාව විවිධ දර්ශනයන්ගෙන් පෝෂණය ලබන්න ගත්තා. සෙන් බුදු දහමත් චීනයේ ප්‍රචලිතව පවතින තාඕ-Tao සහ කොන්‍ෆියුසියස්-Confucius ජීව දර්ශනයත් වූෂු කලාවට දාර්ශනික ස්වරූපයක් ලබා දීමට ඉවහල් වුනා. වූෂු කලාව සැබෑ ලෙස පුහුණු කරන්නා කායික ශක්තියත්, මානසික ශක්තියත්,අභ්‍යන්තර ශක්තියත්-Qi, බාහිර සහ අභ්‍යන්තර ඉන්ද්‍රියන් සංවර්ධනයේදී උපයෝගී කරගනු ලබනවා. දාර්ශනික ස්වරූපයන් ජීවිතය සමඟ සම්බන්ධ කර ගැනීමත්, විවිධ ශක්තීන් සංවර්ධනය කිරීමෙන් ජීවියා පරිනාමයට ලක්කල හැකි නිසාත් වූෂු අපට ජීවන දර්ශනයක්, ජීවන විද්‍යාවක් ලෙසද භාවිතා කල හැකි වෙනව.


විවිධ මානව හා සත්ව චලන ලෙස වර්ධනය වූ වූෂු වර්තමානයේ ශෙලීන් දහස් ගණනකට උරුමකම් කියනවා. වර්තමානයේ අන්තර් ජාතික ක්‍රීඩාවක් ලෙස අප ඉදිරියට පැමිනෙන්නේ මූලික ශෙලීන් 10 ක් පෙරටු කොට ගෙනයි. අපි එම ශෙලීන් 10 හඳුනා ගනිමු.

Changquan (Long fist)
Nanquan (Southern Fist)
Taiji quan
Dao (single-edged sword)
Jian (double-edged sword)
Taijijian (Taiji double-edged sword)
Nandao (Southern single-edged sword)
Gun (Staff)
Qiang (Spear)
Nangun (Southern Staff)




මීට අමතරව අභ්‍යන්තර සටන් ශෛලීන් වන

ෂින්යී චුවාන්     - Xingyi Quan



පා කුවා චුවාන්  - Bagua Quan



 සහ අභ්‍යන්තර ශක්තිය ගොඩනඟන නෙයි ජින් ෂි වූ චිගොන්ග්-Nei jing Zhi wu Qigong 
ශෛලිය ද වැදගත් වෙනවා. 




Thaiji Quan (yang Style 24 formes) 















මෙය සමස්ත ලංකා වූෂු සහ චිගොන්ග් සංසදයේ අධ්‍යාපන අංශය 1995 දී පළ කල ලියවිල්ලකි




මෙම ලිපිය උපුටා ගැනීමේදී සමස්ත ලංකා වූෂු සහ චිගොන්ග් සංසදයේ බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලද බව සඳහන් කිරීමට කාරුණික වන්න. එසේම වෙනස් අර්ථයන් ඇති වන සේ මෙම ලිපි වල කොටස් උපුටා පළ කිරීමෙන් වලකින්න

| edit post